Sunday, 20 June 2021

වාහන ලෝකේ අරුම පුදුම තොරතුරු ටිකක්

 කලින් මේ විස්තර දැනගෙන හිටියද බලන්න.

දන්නවද වාහන කියන්නේ කොයිතරම් පුදුමාකාර machine එකක් ද කියල? අපි අද ඔයාලට අරගෙන ආවේ මේ වාහන වලට අදාල අරුම පුදුම කරුණු කාරණා කිහිපයකුයි.

 1. ලොව ප්‍රථම high speed දඩය නිකුත් කරලා තියෙන්නේ 1902 දී.

කොපමණ වේගයෙන් ඒ වාහනේ ගියාද දන්නවද? 45mph.

 2. එංගලන්තේ පදින වාහන වලින් 4න් 1ක් චීනයේ නිෂ්පාදිතයි.

සාමාන්යෙන් එංගලන්තේ වාහන මිලියන 35ක් පමන තියනවලු.

 3. නවීන Formula 1 කාර් එකකට tunnel එකක් ඇතුලේ up side down 120 kmph වේගයෙන් යන්න පුළුවන්

 F1 කාර් එකකට cornering වලදී 3.5ක ගුරුත්ව කේන්ද්‍රයක් පවත්වාගන්න පුළුවන්. ඒ කියන්නේ F1 කාර් එකක aerodynamic downforce එක ඇති tunnel එකක් ඇතුලේ up side down යන්න තරම්.

 4. අවුරුද්දක් තුලදී වාහන මිලියන 60ක් නිෂ්පාදනය වෙනවා.

 ඒ කියන්නේ, දවසකට 165,000ක්, පැයකට 6875ක්, මිනිත්තුවකට වාහන 115ක්. පිස්සු නෙහ් .

 5. වාහන බිලියන 1කට වැඩියෙන් ලොව පුරා පාවිච්චි වෙනවා

 ලෝක ජනගහනය එක්ක බැලුවම ඒ කියන්නේ මිනිසුන් 7කට 1ක වාහනයක් වගේ තියනවා.

 6. සාමාන්‍ය එංගලන්ත ජාතිකයෙක් ඔහුගේ ජීවිත කාලයෙන් දවස් 99ක පමණ කාලයක් traffic එකේ ඉන්නවලු.

ලංකාවේ කොහොම ඇත්ද ?

 7. කාර් එකෙන් හදට යන්න මාසයයි

ඔව්. 60 mph වේගයෙන් එක දිගටම ගියොත් මාසෙකට අඩු කාලෙකදී හදට යන්න පුළුවන්

 8. Average කාර් එකක කොටස් 30,000ක් පමණ තියනවා.
 9. Rolls Royce සමාගමෙන් හදපු වාහන වලින් 75% පමණ තවම පාරේ දුවනවා.
 10. පළමු වාහන අනතුර සිදුවුනේ 1891.

No comments:

Post a Comment