දැනගෙන හිටියද මේ දේවල් Automatic වාහනේට හොද නැති බව.
ඉතින්, අපි අද අරගෙන ආවා Automatic වාහනයක් පදවන විට ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 4 ක්.
1. Neutral gear එකේ පල්ලම් බැසීම තහනම්
වාහනේ neutral දාල පල්ලම් බහිනකොට අපිට fuel ගොඩක් ඉතුරු කර ගන්න පුළුවන් කියල ඔබ හිතනවා නම් ඔබට වැරදුනා. මේ අවස්ථාවකදී ඉන්ධන save වෙනවා නම් ඒ ඉතාමත් පොඩි ප්‍රමාණයක්.
මේ විදිහට වාහනේ neutral දාල පල්ලම් බහිනකොට අපිට වාහනේ control කිරීමේ හැකියාව සම්පුර්ණයෙන්ම වගේ අහිමි වෙනවා. මේක බොහොම භයානකයි.
තව දෙයක් දන්නවද? ඇමරිකාවේ ප්‍රාන්ත 15 කට ආසන්න ගණනක වාහනේ neutral දාල පල්ලම් බහින එක නීතියෙන්ම තහනම් කරලා තියනවා.
2. Gear මාරු කරන්න කලින් වාහනේ full stop එකකට එන්න
අනිවාර්යෙන්ම ඔයාගේ automatic වාහනේ gear, drive to reverse or reverse to drive මාරු කරන්න කලින් වාහනේ full stop එකකට එන්න අමතක කරන්නම එපා. එසේ නොකිරීම හේතුවෙන් ඔබ ඔබේ automatic gear box එකට විශාල හානියක් සිදුකරන්න පුළුවන්.
3. ගමන පටන් ගන්න හැටි
ඔයාගේ වාහනේ gearbox එකට ආදරයක් තියනවා නම් වාහනේ accelerator එක ලොකු බලයක් දීල එක පාරම පාගන එක නතර කරන්න වෙනවා. ඒ විදිහට වාහනේ වෙහෙස වන එක නොකළ යුතුයි.
4. signal lights වල neutral එකේ?
ඇයි signal lights වල නතර කරලා වාහනේ neutral එකේ තියන්නේ. මෙය අනවශ්‍යම දෙයක්. Drive mode එකේ break කරගෙන ඉන්න එක එච්චරම අමාරුද? වාහනේ neutral කලා කියල ඔයා ඇත්තටම fuel save කරන්නෙත් නැහැ.

No comments:
Post a Comment