Friday, 18 June 2021

අනාගත සුපිරි මෝටර් රථ ඉන්ධන වල වෙනසක් වෙයිද?

 


විදුලි මෝටර් රථවල අනාගතය අපට නොදිරවන සුළු බවක් පෙනෙන්නට තිබුණද, අභ්යන්තර දහන එංජිම මුළුමනින්ම මිය නොයනු ඇත. කෘතිම ඉන්ධන හෝ -ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව නිෂ්පාදකයින් වඩ වඩාත් බැරෑරුම් ලෙස සලකන අතර ටොයොටා මෑතකදී හයිඩ්රජන් බලයෙන් ක්රියාත්මක වන  GR Yaris එන්ජිමක් අත්හදා බලන ලදී.

අප නොසිතන තවත් මාවතක් ඇත. එනම් ගිනි කඳුයි(එක්තරා ආකාරයකට).  අයිස්ලන්තයේ Carbon Recycling International නමින් සමාගමක් ඇත, එය වුල්කනෝල් (Vulcanol) නම් ඉන්ධන නිපදවයි. මේ පිලිබදව මෑතකදී බොහෝ උනන්දු වුයේ Koenigsegg සමාගමයි.

Bloomberg සමඟ සාකච්චාවකදී Koenigsegg සමාගමේ නිර්මාතෘ Christian von Koenigsegg, මෙය යම් තරමකට පැහැදිලි කළ අතර එහි තාක්ෂණික පසුබිම ගැන නම් වැඩිදුර කතා කලේ නැත.

The Svartsengi බලාගාරය වාෂ්ප ටර්බයින භාවිතයෙන් බලය නිෂ්පාදනය කර ගන්නා රටේ geothermal බලාගාර හයෙන් එකකි. එය අසල ඇති නිල් කලපුවේ geothermal spa වෙත ජලය සපයන බැවින් එය වඩාත් ප්රචලිතය. Carbon Recycling International සමාගම මේ අසලම පිහිටා ඇති අතර ඔවුන් එහිදී මෙතනොල් නිපදවයි.

කලාන්තරයක් තිස්සේ මොවුන් මෙතනොල් නිෂ්පාදනය කරන අතර, ඒවා එක්සත් රාජධානිය වැනි රටවලට ආනයනය කිරීමද සිදුකර ඇත. පෙට්රෝල් සමග මිශ් කරන මෙතනොල් motorsport වලදී බහුලව බාවිතා කර ඇත.

කාබන් ප්රතිචක්රීකරණය කෙරෙහි උනන්දුවක් දැක්වූ එකම මෝටර් රථ නිෂ්පාදකයා Koenigsegg පමණක් නොවේ - වොල්වෝ හිමිකරුද සමාගම තුළ ආයෝජනය කර ඇති අතර, සහයෝගිතාව දිගටම කරගෙන යාමට අවශ් බව මේ මස මුලදී නිවේදනය කළේය. Koenigsegg සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ එකම විකල්ප ඉන්ධන මෙය පමණක් නොවේ, Christian “ඉදිරියට එන තවත් බොහෝ තාක්ෂණයන්ගැනද  සඳහන් කරයි.

No comments:

Post a Comment