Czinger සමාගමෙන් '21C' නමින් නිපදවුණු අලුත්ම වාහනේ
මෑතකදී Super car ෆැමිලි එකට එකතු වුන අලුත්ම සගයා වුනේ Czinger සමාගමෙන් නිපදවුණු 21C කාර් එකයි. ඔවුන් ළගදි මේ කාර් එකේ පළවෙනි production version එක කළා.
මේ වාහනේ රියදුරු අසුන තියෙන්නේ මැද. passenger කෙනෙකුට පිටිපස්සේ යන්න පුළුවන්. කියන විදිහට වාහනේට ඔවුන් යොදල තියෙන්නේ 2.88-liter V8 එංජින් එකක්. මේ එංජින් එක 1233 bhp නිපදවන්න සමත්වෙනවා. ඊට අමතරව අතිරේක electric motor දෙකක් වාහනේ ඉස්සරහ රෝද දෙකට සම්බන්දයි.
මේ අලුත් කාර් එක 2055mm පළලින් යුක්ත වන අතර බර සදහන් වෙන්නේ 1240kg ලෙසයි. මේ හේතුවෙන් කාර් එකේ power-to-weight ratio එක 1:1 වෙනවා. මේ අවස්ථාව නම් කලාතුරකින් අපි දකින අවස්ථාවක්.ඒ නිසාම 21C කියන්නේ ගොඩක් වේගවත් කාර් එකක්. 0-62mph යන්න ගතවෙන කාළය 1.9 seconds. 0-186mph යන්න 8.1, සහ 0-248mph සදහා 21.3 seconds බව තමයි සදහන් වෙන්නේ. මෙහි උපරිම වේගය විදිහට ඔවුන් සදහන් කළේ 268mph කියලයි. කෙසේ වෙතත් මෙයට පහසුවෙන් 281mph hit කරන්න පුළුවන් බව කියවෙනවා.
Czinger සමාගම කියන විදිහට 21C මෝටර් රථ නිෂ්පාදනය වෙන්නේ 80 පමණයි. ඒ නිසා එකක් ගන්න එහෙම අදහසක් තියනවා නම් දැම්ම order කරලා තියන්න වෙයි.



No comments:
Post a Comment