BMW has filed a patent describing a technology that's project the rear view onto a portion of the front windows
අහල තියනවද කියමනක් "කැඩිලා නැත්තම් හදන්න යන්න එපා" කියල. ඕක තේරන සිංහලෙන් කියන්නේ ‘if it ain’t broke, don’t fix it’ කියලලු. හැබැයි මේ තියරිය අදාල නැහැ car industry එකට නම්. නිෂ්පාදකයෝ හැම වෙලාවේම අලුත් අලුත් තාක්ෂණය ඔවුන්ගේ අලුත් වාහන වලට එකතු කරන්න ට්‍රයි කරනවා. වෙන මොකටවත් නම් නෙමෙයි, අපිව තව තවත් ඒ වාහන වලට ආකර්ෂණය කර ගන්නා අදහසින්. ඉතින් පරණ සහ simple features ගොඩක් වෙලාවට අලුතින් අලුතින් නිපදවෙනවා.
හිතන්නකෝ ඔයාගේ වාහනේ පැති කණ්නාඩිය ගැන. මේකේ තවත් අලුතින් හොයාගන්න හෝ දියුණු කරන්න දෙයක් ඇති කියල හිතුවද? අපි නැහැ කියල හිතුවට එහෙම නැහැ. සමහරු මේක තවත් දියුණු කරන්න හදනවලු camera එකක් මෙතනට use කරලා. ඒ කියන්නේ කණ්නාඩියක් වෙනුවට. එයාල ඒ ගැන කියන්නේ a little camera pod creates far less drag කියල.
මෙතනට කණ්නාඩියක් භාවිතයට වඩා camera එකක් භාවිතයෙන් අපිට වඩා විශාල field of view එකක් ලබා ගන්න පුළුවන් වගේම, blind-spots මගහැරව ගන්නත් පුළුවන්. BMW එක මේ අදහස තව දුරටත් වැඩිදියුණු කරලා එයාලගේ i8 concept version එකකට අලුත් දෙයක් එකතු කලා. මේ අලුත් පැති කණ්නාඩි අදහසට ඔවුන් patent එකත් ගත්ත.
මෙතැනදී ඔවුන් පැති කණ්නාඩි සවි වෙන තැන camera සවි කලා. නමුත් එතනින් එන දර්ශන dashboard එකේ screens වල නම් නෙමෙයි පෙන්නන්නේ. ඒ දර්ශන ඉදිරිපස දෙපැත්තේ වීදුරු දෙකේ semi-transparent portion එකක ඇත්ත glass එකට ටිකක් පිටිපස්සට වෙන්න වගේ පෙන්නනව. එහෙම උනාම රියදුරුට අපහසුවක් නැතිව ඉස්සර වගේම පහසුවෙන් පිටිපස්ස බලන්න පුළුවනි. මේ semi-transparent portion එක ඉදිරිපස වීදුරු දෙකට ටිකක් එළියෙන් fix කරලලු එන්නේ.
ඉතින් මේ තාක්ෂණය කවදා නම් production cars වලට යොදා ගනීද දන්නේ නැත. මොකද පේටන්ට් එකක් ඉල්ලුම් කල පමණින් ඒ තාක්ෂණය භාවිතා වෙයි කියල කියන්න බැහැනේ. හැබැයි BMW, කවදා හෝ මේ තාක්ෂණය ඔවුන්ගේ අලුත් car එකක් එක්ක එලියට දායි.


No comments:
Post a Comment