Friday, 29 July 2022

Jeep සමග තරගයට ගිය Porsche

 

1955 Porsche Type 597 “Jagdwagen”

hunting car හෝ Jagdwagen ලෙස ප්‍රසිද්ධියට පත් මේ රථය 1950 මුල් කාලයේදී Porsche සමාගම විසින් මිලිටරි වාහනයක් ලෙස ජර්මානු හමුදා සදහා නිෂ්පාදනය කරන ලදී.

 Jagdwagen රථය modified Porsche 356 එන්ජිමකින් සහ selectable 4x4 ගියර පද්ධතියකින් සමන්විත විය.

මෙය ඒ කාලයේ ජනප්‍රියම රථයක් වූ අතර Porsche සමාගම ඔවුන් සතු වූ sport car සහ tractor නිෂ්පාදනයෙන් ලත් අත්දැකීම් වල එකතුවෙන් මෙය පෝෂණය කල බව සදහන්වේ.

1950 වසරේ මුල් කාලයේ ජර්මානු හමුදා, දේශියව නිපදවූ off road රථ සදහා ටෙන්ඩර් කැදවීය. ඒ ඇමරිකානුවන්ගේ jeep සහ British Land Rover රථ පැරදවිය හැකි රථයක් සොයාගෙනයි.  ජර්මානු නිෂ්පාදකයින් 3 දෙනෙක් මේ සදහා ඉදිරිපත් විය. Porsche, Auto Union (DKW), and Goliath (a Borgward subsidiary). එහිදී විශාල වශයෙන් සහ අඩු වියදමකින් නිපදවිය හැකි Auto Union (DKW) නිර්මාණය කල රථය ජය ගත් නමුත් Porsche Type 597 “Jagdwagen” හොදම රථය ලෙස සියලු දෙනා පිළිගැනුනි.

සදහන් පරිදි Porsche Type 597 “Jagdwagen” රථ 71ක් නිෂ්පාදනය වුනු අතර එයින් රථ 50ක් පමනකි දැනට ආරක්ෂාකාරීව ඇත්තේ.

Type 597 රථය Porsche සමාගමේ පළමු four-wheel රථයයි.

ජර්මානු හමුදා ටෙන්ඩරය පරාජය වීමෙන් පසු Porsche සමාගම මෙම රථ සාමාන්‍ය ජනතාව වෙත අලෙවි කිරීමට පටන් ගත්තා. මෙය outdoors people සහ දඩයක්කරුවන් අතර බොහෝ ජනප්‍රිය වූ අතර එහෙයින් මෙය hunting car ලෙස ප්‍රසිද්ද වූවා.








Images courtesy of RM Sotheby’s


No comments:

Post a Comment